අලියා බීම සමාගම ඉන්දියාවේ අදානි හා ගිවිසුම්ගත වේ . . .

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products Limited සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ.

මෙම හවුල්කාරීත්වයට අනුව අලියා සන්නාමය යටතේ එන පාන වර්ග ඉන්දියාව තුළ නිෂ්පාදනය, අලෙවිකරණය, බෙදාහැරීමේ අවස්ථාව එලිෆන්ට් හවුස් වෙත හිමිවනු ඇත.

එලිෆන්ට් හවුස් යනු මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන Ceylon Cold Stores PLC යටතේ එන සන්නාමයකි.

Reliance Consumer Products Limited, ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන මුකේෂ් අම්බානි ගේ සමාගම් ගොනුවට අයත් සමාගමක් වේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Reliance Consumer Products Limited හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Ketan Mody මෙසේ කියා සිටියේය. “ශක්තිමත් වෙළඳපල විශ්වසනීයත්වයක් අත්පත් කරගෙන ඇති එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැසගත් උරුමයක් සහිත සංකේතාත්මක සන්නාමයක්.

මෙම හවුල්කාරිත්වය අපගේ වර්ධනය වන FMCG කළඹට ගුණාත්මක නිෂ්පාදන හරහා අපගේ ඉන්දියානු පාරිභෝගිකයින්ට විශිෂ්ට තේරීමක් සහ වටිනාකමක් ලබා දෙනු ඇත. ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගෝලීය සන්නාම කිහිපයකට හිමිකම් කියන රිලයන්ස්, වසර 150ක් පුරා ගොඩනැගුණු එලිෆන්ට් හවුස් හි ස්ථාපිත පාරිභෝගික සන්නාමය තවදුරටත් පුළුල් කිරීමට වඩාත් හොඳින් සැදීපැහැදී සිටී.“

මේ අතර මෙම නව ව්‍යාපාරික අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මෙසේ පැවසුවේය. “එලිෆන්ට් හවුස් සන්නාමය ඉන්දියානු වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. Reliance Consumer Products Limited සමඟ අපගේ හවුල්කාරිත්වය අපගේ දිගු ඉතිහාසයකට හිමිකම් කියනු ලබන සන්නාම ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර අපගේ උසස් තත්ත්වයේ පාන වර්ග නව පාරිභෝගික කොටස් වෙත ලබා දීමට අපගේ කැපවීම පිළිපිඹු කරයි. මෙම හවුල්කාරිත්වය හරහා ඉදිරියේ දී ඉන්දියානු පාරිභෝගිකයින්ගේ විවිධ මනාපයන් සපුරාලීම සඳහා ප්‍රබෝධමත් සහ නව්‍ය පාන විකල්ප සැපයීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා.“

  • biz.adaderana

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්කරල් 53,000ක් මන්නාරමෙන් අල්ලයි . . .

Thu Feb 29 , 2024
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම මත්පෙති  ජාවාරම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ සඟවන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි. අත්අඩංගුවට ගත් මත්පෙති  තොගය  ඉල්ලුප්පු කඩවායි පොලිසියට භාරදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x