නල්ලතන්නියට මත්පැන් බලපත්‍රයක් . . .

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසති.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් එම හෝටලයේ අයිතිකරු විසින් සංචාරක මණ්ඩලයෙන් කරන ලද ඉල්ලිමක් මත එම මත්පැන් බලපත්‍රය ලබාදිමට ප්‍රථම ඒ සදහා ප්‍රදේශවාසින්ගේ විරෝධතා වෙතොත් ඒ පිලිබදව නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශවාසින්ට දැනුම් දිමක් කර ඇත.

එම සංචාරක හෝටලයට සංචාරක මණ්ඩලය විසින් විදේශිකයන්ට අලෙවි කිරිම සදහා බියර් බලපත්‍රයක්ද ලබා දි ඇති අතර , එම බලපත්‍රයේ සටහන් කොන්දේසි වලට පටහැනිව බියර් ශ්‍රි පාද වන්දනාකරුවන්ට විවිධ පුද්ගලයන් යොදාගෙන බියර් අලෙවි කිරිමේ චෝදනාව යටතේ නල්ලතන්නිය පොලිසිය විසින් සහ කොටගල සුරාබදු කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අ එම හෝටලයේ සේවකයන්ට සහ බියර් අලෙවි කල පුද්ගලයන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන ඇත.

සංචාරක මණ්ඩලය විසින් එම හෝටලයට ලබා දි ඇති බියර් බලපත්‍රයට අනුව බියර් අලෙවි කුටිය හෝටලයේ භෝජනාගාරය තුල වෙනම ස්ථාපනය කල යුතුව ඇතත්, එම හෝටල් හිමියා විසින් ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ සහය සහ ආශිර්වාදය ඇතිව බියර් අලෙවි කුටිය හෝටලයේ පළමු මහලේ ස්ථාපනය කර ඇති බවත්, එම හෝටලයේ භෝජනාගාරය සිව්වෙනි මහලේ පිහිටා ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

තවද එම සංචාරක හෝටලයේ සිට නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය දක්වා මිටර් 100 ක දුර ප්‍රමාණයක්වත් නොමැති බවත්, රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුගේ සහයෝගයෙන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් ශ්‍රි පාදස්ථානයට විශාල හානියක් සිදු වන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

දැනට එම හෝටලය මගින් සංචාරකයන්ට අලෙවි කරන මුවාවෙන් දිනකට බියර් විශාල ප්‍රමාණයක් වන්දනාකරුවන්ට අලෙවි කරන බවත්, එම සංචාරක හෝටලයට මත්පැන් බලපත්‍රයක් සංචාරක මණ්ඩලය විසින් ලබාදුන්නහොත් නල්ලතන්නිය ප්‍රදේශවාසින් සහ අවට වතු වල වතු කම්කරුවන් මත්පැන් පානයට ඇබ්බැහි වන බවයි ප්‍රදේශවාසින් වැඩිදුරටත් කියා සිටින්නේ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයට යාබදව අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේද සිය විරෝධය මතු වි ඇති බව පෙන්වා දුන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා පුජා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදි නල්ලතන්නියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිම ශ්‍රි පාදස්ථානයට සිදු කරන දැඩි අගෞරවයක් බවයි.

අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට මහජන විරෝධයක් මතු වන්නේ නම් ඒ පිලිබදව සංචාරක මණ්ඩලයට සහ සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දිමට පියවර ගන්නා බවයි.

  • රංජිත් රාජපක්ෂ

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න . . .

Fri Apr 26 , 2024
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ. දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කෙසේ වෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x