සුළි සුළග උතුර කළඹයි . . .

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අද (03) වන විට පවුල් 150 කට අධික පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති අතර නිවාස 10 කට පමණ අර්ධ හානි සිදුව ඇතැයි යාපනය ආපාදාකලමනාකරන කාර්යාලය පෙන්වා දෙයි.

මේ අතර කිලිනොච්චිය කණ්ඩාවලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේදී පැවති වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් ගෙවත්තේ තිබූ පොල් ගසක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර නිවාසට බරපතල හානි සිදුව ඇත.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේද අධික වර්ෂාව හේතුවෙන් පවුල් 100 කට අධික පුද්ගලයින් 400 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇතැයි මුලතිව් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාලය පැවසීය.

මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි ස්ථාන කිහිපයකට ගංවතුර තත්වයක්ද ඇතිවීම හේතුවෙන් ජනතාව පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමානකරන ඒකකය වැඩිදුරටත් පෙන්වා දෙයි.

  • වන්නි රොමේෂ් මධුෂංක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම් පරීක්ෂාව කරන කොම්පැනි දෙකේ කෙරුවාව . . .

Sun Dec 3 , 2023
වාහන විමෝචන පරීක්ෂණ සහතික හෙවත් දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තිබෙන බැවින් එම සමාගම් දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කරයි. එනිසා විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x