දින ගණනාවක් පැවති අධික වර්ෂාව හේතුවෙන් චීනයේ Guangdong පළාතේ අධිවේගී මාර්ගයක කොටසක් නාය යෑමෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධිවේගී මාර්ගයේ මීටර් 17.9 දුරක් කඩා වැටී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා තවත් තිස් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ. මාර්ගයේ කඩා වැටුණු […]

හිම සහිත අධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඇතුළු නගර රැසකට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාමාර්ග, නිවාස සහ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යට වී ඇතැයි ද, ඩුබායි රජයේ සේවකයන්ට නිවසේ සිට රැකියාවේ නිරතවන ලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. සියලුම රජයේ […]

මේ දිනවල පවතින අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් රබර් වගාව තුළ දිලීර රෝගයක් ව්‍යාප්තවෙමින් ඇති බව රබර් පර්යේෂණ ආයතනය සදහන් කරයි. වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බව රබර් පර්යේෂණ […]

මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ පැවසීය.  වර්ෂාව  අධික වීම හා  මහියංගන  දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම  නිසා  පාලම සම්පූර්ණයෙන් කඩා වැටී  ඇති බව ද ඒ මහතා පැවසීය. මේ අතර  මහියංගන රොටලවෙල  […]

පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර් වීදිය ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් ද කරයි. aruna

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව අද (19) සිට වසා දමා තිබේ. මෙලෙස වසා දමා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 09ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09කි. අදාළ පළාත්වල වැසියන් වර්ෂාව හේතුවෙන් විපතට පත් වී ඇති අතර රජයේ පාසල් ගොඩනැගිලි කීපයක […]

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකකට ආසන්න උසකින් ජලයෙන් යට වී ඇත. ඒ […]

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද  විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා පැවසුවාය. නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ  පදිංචි ස්ථානවලින් පවුල් […]

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙයි. අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අද (03) වන විට පවුල් 150 කට අධික පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති අතර […]

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5 ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.