රබර් වගාවේ පැතිර යන දිලීර රෝගය . . .

මේ දිනවල පවතින අධික වර්ෂාව මෙන්ම හිරු එළිය නිසි පරිදි නොලැබීම හේතුවෙන් රබර් වගාව තුළ දිලීර රෝගයක් ව්‍යාප්තවෙමින් ඇති බව රබර් පර්යේෂණ ආයතනය සදහන් කරයි.

වළයාකාර පත්‍ර පුල්ලි පතන රෝගය හෙවත් Pestlotiopsis Microspora ලෙස හඳුන්වන මෙම රෝග තත්ත්වය රබර් ගසේ පත්‍රවල හට ගන්නා දිලීරයක් හේතුවෙන් ව්‍යාප්ත වන බව රබර් පර්යේෂණ ආයතනය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කරනු ලැබීය.

වර්ෂාව අධිකවීමත්, හිරු එළිය නිසි පරිදි නොලැබීමත් හේතුවෙන් මෙම දිලීරය වයාප්තවන අතර පහත රට තෙත් කලාපයේ රබර් වගාව තුළ ආරම්භ වූ මෙම රෝගය දැනට මොනරාගල වැනි ප්‍රදේශවලින් වාර්තා වන බව රබර් පර්යේෂණ ආයතනයේ නිලධාරිහු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

මේ වනවිට එම රෝගය පාලනය සඳහා වගාකරුවන් දැනුම්වත් කිරීම ආරම්භ කර ඇති අතර තම රබර් වගාවන්හි මෙම රෝග තත්ත්වය වාර්තා වන්නේ නම් වහාම රබර් වගාව සම්බන්ධව කටයුතු කරන නිලධාරින් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද එම ආයතනය ඉල්ලිමක් කරයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුවේ ටින් අංකය . . .

Thu Jan 11 , 2024
අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x