මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී තිබේ. ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් […]

මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. ආසියා සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටයිබයින හයක් සවිකිරීම මගින් විදුලි උත්පාදනය ඉහළ නංවා ගැනීම මෙහි අරමුණ වී ඇත. පෞද්ගලික අංශයේ ආයෝජකයින් මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අදහස වී ඇති අතර […]

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ. මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මේ වන විට […]

පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ නතර කර තිබූ ජල ප්‍රහාරක රථයක් හදිසි ගිනි ගැනීමට ලක්ව ඇත. ගින්න ඇතිවීමත් සමඟ නිලධාරින් විසින් ගින්න පාලනය කර ඇති අතර ඇති අතර ගිනි ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත. ගිනි ගැනීමට හේතුව විමර්ශනයෙන් පසු මහජන සාමය කළමනාකරණ කොට්ඨාශය වාර්තා කරන ලෙසට දැනුම් දී තිබේ. […]

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය, මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි. පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් […]

ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.  ඒ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක ය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු […]

හැත්තෑහය වැනි  නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම අද පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වූ බවත් පොලිස් අශ්වාරෝහක කණ්ඩායම පෙළපාලියේ ඉවත් කිරීමේ සිද්ධියක් මෙයට හේතු […]

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැලණිය සරසවිය වෙත ගොස් තිබෙනවා. ඒ අනුව අද (31) පෙරවරුවේ නව ගොඩනැගිලි පරිශ්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක […]

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටී. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය. aruna

ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත. පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන් ඇමෙරිකාව ලැබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමෙරිකන් රජය සෘජුව මැදිහත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.