සනත් නිශාන්තගේ නඩුවට අධිකරණය දුන් නියෝගය . . .

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත  එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ.

මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මේ වන විට මියගොස් සිටින බැවින් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ඒවා ලබන 02 වනදා කැඳවන ලෙස අධිකරණය මෙලෙස නියෝග කළේය.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

  • කේ.එස්. උදයකූමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මන්නාරම් දුපතට සුළං බල මධ්‍යස්ථානයක් . . .

Wed Jan 31 , 2024
මන්නාරම දූපතේ සුළං බල මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. ආසියා සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඇමරිකා ඩොලර් මිලියන 47ක මුදලක් වැය කර අතිරේක ටයිබයින හයක් සවිකිරීම මගින් විදුලි උත්පාදනය ඉහළ නංවා ගැනීම මෙහි අරමුණ වී ඇත. පෞද්ගලික අංශයේ ආයෝජකයින් මගින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අදහස වී ඇති අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x