ඩුබායි නුව­රට හිම වැටෙයි . . .

හිම සහිත අධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඇතුළු නගර රැසකට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාමාර්ග, නිවාස සහ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යට වී ඇතැයි ද, ඩුබායි රජයේ සේවකයන්ට නිවසේ සිට රැකියාවේ නිරතවන ලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

සියලුම රජයේ පාසල්වල මාර්ගගත ක්‍රමවේදයට අනුව අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ද රජය උපදෙස් දී ඇති අතර, මේ හදිසි කාලගුණික වෙනස්වීම එරට ජනතාවගේ දැඩි අවධානයට ලක් වී ඇතැයි ද වාර්තා වේ.

ඩුබායි නුවර පමණක් නොව අබුඩාබි අගනුවරට, රස් අල් කයිමා සහ ෆුජෙයිරා නගරවලට ද අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි කලීජ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොකු ළූණු මිල යළි ඉහළට . . .

Sat Feb 17 , 2024
වෙළඳපොලේ ලොකු ළූණු මිල යළි ඉහළ ගොස් තිබේ. වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ ඊට හේතුව පකිස්ථානයෙන් ආනයනය කරන ළූණු මිල ඉහළ දැමීම බවයි. පසුගිය සතියේ පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 330ක පමණ අගයකින් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 400 කට ආසන්න වී තිබේ. දඹුල්ල සහ මීගොඩ විශේෂිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x