මෙරට දරුවන් යුරෝපයට විකුණන මහා ජාවාරමක් . . .

ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන දෙහිවල පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු රටින් පිට කර මිනිස් ජාවාරම් කිරීමේ අවස්ථාවන් පිළිබඳ චෝදනාවට ලක් වී සිටීම නිසා, මොහු පිළිබඳ විශේෂ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකය වෙත නියෝග කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් ඔහු ලුහුබඳිමින්, ඔහු සමීපව නිරීක්ෂණය කරමින් සිටි අතර, ඔහු පිළිබඳව මැලේසියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම පසුබිම යටතේ පසුගිය 25 වැනිදා 14 හැවිරිදි පිරිමි දරුවකු සිය පියා සමග මොහු විසින් මැලේසියාව වෙත රැගෙන යමින් සිටියදී ක්වාලාලම්පූර් නුවර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව මොවුන් එදින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ අතර, ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මොහු ඉකුත් 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අප්‍රියෙල් මාසය දක්වා ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනෙකු මෙසේ මැලේසියාව බලා රැගෙන ගොස් ඇති අතර ඔවුන් සියලුම දෙනා ද්‍රවිඩ ජාතික ළමුන් වීම විශේෂත්වයකි.

ඔවුන් අතරින් ළමුන් 13 දෙනෙකුගේ තොරතුරු ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එම ළමුන් අතරින් 08 දෙනෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි 05 දෙනා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙම දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ලබා ගෙන, ඔවුන් සමග මුලින්ම මැලේසියාව බලා පිටත්ව යෑම සිදු කෙරේ . ඉන් අනතුරුව ඔවුන් මැලේසියානු දරුවන් ලෙස අවශ්‍ය ලියකියවිලි සකස් කර ප්‍රංශය සහ එංගලන්තය වෙත මිනිස් ජාවාරමේ නිරත කරවීම සිදු කර ඇත.

  • කටුනායක – ටී. කේ. ජී. කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කැණීමට නොහැකි එප්පාවල පොස්පේට් නිධිය . . .

Sun Apr 28 , 2024
එප්පාවල නගරය පිහිටා තිබෙන ප්‍රදේශයේ පමණක් මෙට්‍රික් ටොන් මිලියන පහළොවකට අධික ප්‍රමාණයක් රොක්පොස්පේට් නිධියක් ඇතත්, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම කලාපය නිසි ගවේෂණය නොකිරීම නිසා එකී පොස්පේට් තොගය කැණීමට නොහැකි වී ඇතැයි අනාවරණය වී ඇත. රොක් පොස්පේට් ලෝකයේ දුර්ලභ ඛනිජ විශේෂයක් වන අතර, රොක් පොස්පේට් තුළ කැඩ්මියම් වැනි බැර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x