මම අඳින ඇඳුම් තෝරන්නේ එයා

දෙවෙනි ඉනිමෙන් බොහෝ රසික පිරිසක් දිනාගෙන ‘පාවෙලා වලාකුලේ’ ටෙලි නාට්‍යයෙන් රසික අවධානයට පාත්‍ර වූ නදුනි මේ දිනවල ‘ඉස්කොලේ’ ටෙලි නාට්‍යයේ පාසල් ගුරුවරියක ලෙස කාගේත් හොඳ හිත දිනාගත් යොවුන් පරපුරේ කලාකාරිනියකි. මේ දිනවල ඇය ‘දියණි’ ටෙලි නාට්‍යයෙන් ඔබේ ආලින්දයට පැමිණේ.

නදුනි ඔබත් රංගනයට එන්නෙ අවුරුදු කුමරියක් වෙලාද?

නැහැ. මගේ මුල්ම බලාපොරොත්තුව තිබුණෙ ගුවන් සේවයක් වෙන්න. මම ඉගෙන ගත්තෙත් ගුවන් සේවයක් වෙන්න හිතාගෙන. ප්‍රදාන අතර මග දෛවය මාව කලාව වෙත යොමුකළා.

ජනප්‍රිය, යොවුන් නළුවකුගේ ආදරණීය බිරිඳ වන්නේ කලාවට ආවට පස්සේද?

අපි දෙන්නම කලාවට සම්බන්ධ වෙන්න පෙරයි හමුවුණේ. ගායනා තරඟයකට ඉදිරිපත් වීමට සූදානම් වෙන්න සැබැදි තමයි අපේ ආදරේ පටන් ගත්තෙ. අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධයක ප්‍රකාශයක් විදිහට තමයි 2019 අවුරුද්දේ විවාහ වුණේ.

දිනූෂ – නදුනි ආදර කතාවට බාධා ආවෙ නැද්ද?

ඒ ගැන නම් හරිම සතුටුයි. අපේ ආදරයට කාගෙන්වත් බාධා ආවෙ නැහැ. නමුත් ආදරය පටන් අරන් අවුරුදු 2ක් විතර ගෙවල්වලට රහසින් ප්‍රේම සම්බන්ධය පවත්වගෙන ගියා. ඊට පස්සේ අපි ගෙවල්වලට කිව්වම අපි දෙන්නගෙම ගෙවල්වලින් කැමැත්ත තියෙනවා.

තවමත් පදිංචිය ගමේද?

අපි දෙන්නගේම ගම නුවර. විවාහ වුණාට පස්සෙත් යනකම් පදිංචි වෙලා හිටියේ නුවරම තමයි. ‘දෙවෙනි ඉනිම, පාවෙලා වලාකුළේ’ ටෙලි නාට්‍යවල වැඩ කරද්දිත් අපි නුවර ඉඳලාම ෂූටින්වලට ආවා. අපේ පහසුව ගැන හිතලා දැන් අපි බොරලැස්ගමුවේ පදිංචි වෙලා ඉන්නවා.

බිරිඳක් ලෙස නදුනි ගත කරන ජීවිතය කොයි වගේද?

ගෘහණියක් විදිහට ගෙදර වැඩ කරන්න, උයන පිහන දේවල් කරන්න මම ගොඩක් කැමතියි. අපි දෙන්නට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මම ගෙදර කෑම හදනවා. අපි දෙන්නා ගොඩක් කැමති ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා.

බාහිර දිවියේදි වගේම රංගනයේදිත් දිනූෂට පෙම් කරනවාද?

‘පාවෙලා වලාකුලේ’ ටෙලි නාට්‍යයේ මම දිනූෂගේ පෙම්වතිය ලෙස ප්‍රකාශ කරනවා. ඊට පස්සේ නම් අපි පෙම්වතුන් ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. දෙන්නටම එකම ටෙලි නාට්‍යයට දායක වෙන්න ලැබුණත් පෙම්වතුන්ගේ චරිතය නම් දෙන්නටම ලැබෙන්නේ නැහැ. මම කැමතියි අපි දෙන්නටම එකම නිර්මාණයක් පෙන්වන්න ලැබෙනවට. එතකොට අපි දෙන්නටම එකට ගත කරන්න අවස්ථාව ලැබෙන නිසා.

දිනූෂගෙන් ගෙදර වැඩවලට ඔබට සහයෝගයක් ලැබෙනවද?

එයා උදව් කරන්නේ එයාට හිතුණොත් විතරයි. නැතිනම් පාඩුවේ ඉන්නවා.

නදුනි චරිත තොරගන්නේ දිනුෂගේ ඇතිවද?

නැහැ. ඒ ගැන අපි අතර ලොකු කතාවක් නැහැ. මට ගැලපෙන දේවල් මම කරනවා. නමුත් මම අඳින ඇඳුම් පැළඳුම් ගැන නම් ඔහු විශාල අවධානයක් යොමු කරනවා. මම ගොඩක් ෂොපින් යන කෙනෙක්. එයා එක්කම ෂොපින් ගිහින් ඇඳුම් ඇඳලා පෙන්නලා තමයි මම ඇඳුම් තෝරගන්නේ.

 

නදුනිගේ ගායිකාවක් වීමේ බලාපොරොත්තුව දැන් නැතිවෙලාද?

අපි දෙන්නම සංගීතයට ආසයි. කොවිඩ් එන්න කලින් අපි දෙන්නම සංදර්ශනවලට සහභාගි වුණා. මේ දවස්වල නම් සංදර්ශන නැහැ. ඉදිරියේදී විදේශ සංදර්ශන කිහිපයක් සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා.

මේ දිනවල කාර්ය බහුල වගේම රසික ප්‍රතිචාරත් වැඩියි නේද?

මේ දවස්වල ‘එන කවන්ටර් ටූ’ සහ ‘දියණී’ ටෙලි නාට්‍යවලට අමතරව තවත් ටෙලි චිත්‍රපටයකට දායක වෙන නිසා ටිකක් කාර්ය බහුලයි. ‘ඉස්කෝලෙ’ ටෙලි නාට්‍යයේ ගුරුවරියගේ චරිතය නිසා මාව ගොඩක් අය හඳුනනවා. ඊට අමතරව ‘දියණි’ ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිත නිරූපණයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

The post මම අඳින ඇඳුම් තෝරන්නේ එයා appeared first on Aruna.

Next Post

රට බේරගන්න සජබෙන් කමිටුවක්

Tue Mar 22 , 2022
පවතින ව්‍යසනකාරී තත්වයෙන් රට බේරා ගැනීම සඳහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් සම්බන්ධ කොටගත් පුළුල් බලවේගයක් ගොඩනැගීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.