කේක් අලෙවිය අඩු වෙයි . . .

නත්තල් සමයේ කේක් අලෙවිය 50%කින් අඩුවී ඇති බව බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.

මේ වන විට රටෙහි පවතින උග්‍ර ආර්ථික අර්බුදය ඒ සඳහා හේතු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කේක් කිලෝ ගණනින් වෙනදාට මිල දී ගන්නා පාරිභෝගිකයින් මෙවර එය ග්‍රෑම් 250 දක්වා සීමා කර ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය කොරෝනා වසංගතයේ සිට පැවැත්වෙන නත්තල් උත්සවවලදී කිතුනු නිවෙස් බොහොමයක සාදනු ලබන නත්තල් කේක් පවා මෙවර නතර කර ඇති බව වාර්තා වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොරැල්ල කනත්තේ මිහිදන් කළ අයටත් බදු අංක . . .

Fri Dec 22 , 2023
බොරැල්ල කනත්තේ කුළුණුවල ඡායාරූප තිබෙන පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකවලට ද බදු අංක ලබාගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය. ව්‍යාජ බදු අංකවලට රේගුව හරහා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කරන බවට තොරතුරු ලැබී තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. මෙරටට භාණ්ඩයක් ගෙන්වීමේදී එය රේගුවෙන් නිදහස් කර ගැනීමට බදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x