රජයෙන් ලබා දුන් සහල් ගැන පරීක්ෂණ . . .

රජය විසින් නොමිලේ බෙදා හරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

රටේ පවතින ආර්ථික තත්වය හමුවේ පිඩාවට පත් ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම සහල් සහනාධාරය ලබා දීමට රජය පසුගියදා තීරණය කලේය.

එම වැඩසටහන අනුව පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්වයෙන් බාල බවට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට අලෙවි කිරීමක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ .

එලෙස එල්ල වන චෝදනා පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරන්න වෙත උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නසිර් අහමඩ් වයඹ ආණ්ඩුකාර කරයි . . .

Sun Apr 28 , 2024
හිටපු අමාත්‍යවරයෙකු වන නසීර් අහමඩ් වයඹ පළාත් ආණ්ඩුකාරය ධුරට පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. එම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි මස තුන්වනදා සිට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතව තිබේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල විලි ගමගේ සිය ධුරයෙන් ඉල්ලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x