රජය විසින් නොමිලේ බෙදා හරින සහල් ප්‍රමිතියෙන් බාල සහ ජනතාවට අලෙවි කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. රටේ පවතින ආර්ථික තත්වය හමුවේ පිඩාවට පත් ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම සහල් සහනාධාරය ලබා දීමට රජය පසුගියදා තීරණය […]

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතරක ඉදිකිරීම් කටයුතු සිදුකරද්දී රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. මෙම ඉදිකිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයකු ඇතුළු ඉහළ නිලධාරීන් හත්දෙනකුට චෝදනා පත්‍ර නිකුත් කිරීමට නියමිත වුවද, මෙම කණ්ඩායමේ අයකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන බැවින් අදාළ නිලධාරීන්ට ඉදිරිපත්ව […]

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටිති. මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස […]

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත්වීමට සියලු […]

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ රාජ්‍ය සේවයේ තුන් දහසකට වැඩි පිරිසට සාධාරණ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කිරීමට මැදිහත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී වලේබොඩ ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවාගෙන් ඉල්ලා […]

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ. ඒ, ඔහු අද (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස අද […]

2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්  සිදුකළා. එනම්, කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව ලේකම්වරයා සඳහන් කළා . වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, “විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතුවන අභියෝග ජය ගත හැක්කේ කෙසේද? වෛද්‍යවරුන් ප්‍රමුඛ කර ගත් වෘත්තියවේදීන් රට හැර යාම කලින් කලට රටේ අවධානය දිනා ගන්නා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වෙයි. බුද්ධි ගලනය හෙවත් උගත් පරපුරක් තම රටේ ශ්‍රම බලකායෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.