රජයේ විධායක නිලධාරීන් ලක්ෂයක දීමනාවක් ඉල්ලයි . . .

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටිති. මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස 01 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබිණි.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කළද රජයට මුදල් නොමැති බව පවසා පසුව එය අවලංගු කෙරිණි.

එවැනි පසුබිමක මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් ඉහළ අගයකින් වැඩි කිරීමට හැකියාවක් පවතින්නේ නම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පමණක් වැඩි කිරීමට නොහැකි ඇයිදැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

එම නිසා පළමු ඉල්ලීම වශයෙන් ජීවන වියදමට සරිලන ලෙස සමස්ත රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමත්, දෙවැනි ඉල්ලීම ලෙස විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන ලෙසත් එම සංගමය ඉල්ලීම් කරයි.

මෙම ඉල්ලීම් වෙත ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ නම් එළැඹෙන සතියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන බවට එම සංගමය ආණ්ඩුවට අනතුරු අඟවයි.

  • චාමර පල්ලේගෙදර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුවේ කොන්ත්‍රාත් නවතී . . .

Sun Mar 24 , 2024
අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවල අත්හිටුවූ කොන්ත්‍රාත් සඳහා අලාභය ලෙස රුපියල් මිලියන දෙදහස් තුන්සිය හැත්තෑහතරක (2,374) ක වන්දි මුදලක් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි. කොන්ත්‍රාත් 302ක් විවිධ හේතුමත අත්හිටුවා ඇත. ඉන් කොන්ත්‍රාත් 09ක් අත්හිටුවීමේ අලාභය ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉහත මුදල ඉල්ලා තිබේ. මීට අමතරව තවත් කොන්ත්‍රාත් 22 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x