ආණ්ඩුවේ කොන්ත්‍රාත් නවතී . . .

අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවල අත්හිටුවූ කොන්ත්‍රාත් සඳහා අලාභය ලෙස රුපියල් මිලියන දෙදහස් තුන්සිය හැත්තෑහතරක (2,374) ක වන්දි මුදලක් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි.

කොන්ත්‍රාත් 302ක් විවිධ හේතුමත අත්හිටුවා ඇත. ඉන් කොන්ත්‍රාත් 09ක් අත්හිටුවීමේ අලාභය ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉහත මුදල ඉල්ලා තිබේ.

මීට අමතරව තවත් කොන්ත්‍රාත් 22 කට අදාළව වන්දි ඉල්ලීමේ සම්භාවිතාවක් පවතින බවට ද තොරතුරු ලැබී තිබේ.

අත්හිටවූ කොන්ත්‍රාත් අතර කොන්ත්‍රාත්කරු විසින් තාවකාලිකව අත්හිටුවූ කොන්ත්‍රාත් 131 ක් ඇත. ඊට අමතරව අමාත්‍යාංශ විසින් කොන්ත්‍රාත් 10 ක් හා අනෝන්‍ය එකඟතාව මත කොන්ත්‍රාත් 02 ක්ද අත්හිටුවා ඇත.

ඉකුත් (2023) වසරේදී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 33 ක කටයුතු අවසන් කර ඇති අතර තවත් ව්‍යාපෘති 20 ක කටයුතු අත්හිටුවා තිබේ. ණය දෙන විදේශීය පාර්ශ්ව විසින් ණය මුදල් නිදහස් නොකිරීම නිසා ව්‍යාපෘති 33 ක කටයුතු මන්දගාමී තත්ත්වයට පත්ව ඇතැයිද අනාවරණය වේ.

තෙවන පාර්ශ්වීය අනුමැතීන් ලැබීම ප්‍රමාදවීම, ඉඩම් අත්පත් කර ගැනීම ප්‍රමාදවීම, කොන්ත්‍රාත්කරුවන්ගේ ඌන කාර්යසාධනය, ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ප්‍රසම්පාදන ගැටලු, විෂයපථය වෙනස්වීම සහ විදේශ ණය වාරික නිදහස් කිරීම අත්හිටුවීම වැනි කාරණා මහා පරිමාණ කොන්ත්‍රාත් කටයුතු අඩාළවීමට බලපා තිබේ.

මහා පරිමාණ ව්‍යාපෘති අතුරින් සියයට හතළිහක (40%) ව්‍යාපෘති කාලය ඉක්මවා ගොස් තිබේ.ඒවායේ කාලය දිගුකරගෙන නොමැති අතර, ඇතැම් ව්‍යාපෘතිවල කාලයෙන් අඩක් ඉක්මවා ගොස් ඇත. ඉන් සියයට විසිපහක්වත් (25%) වත් නිමකර නැතැයිද ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක සඳහන් වේ.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගැබ්ගෙල පිළිකා දුරලීමට දෙන එන්නත්වල හිඟයක් . . .

Sun Mar 24 , 2024
ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.  එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බවයි. මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x