මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටිති. මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස […]

මහ බැංකුවේ සේවකයන්ට වැඩිකළ වැටුප සියයට විසිපහකින් අඩු කිරීමේ යෝජනාවක් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අතරින්ම ඉදිරිපත්වී ඇති අතර ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවෙන්, සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධතා නිසාවෙනි. මහ බැංකුවේ අධ්‍යක්ෂ […]

මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. ‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා – රට වැට්ටුවා – පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ. යොහාන් භාසුර […]

මහ බැංකුවේ පල පුරුදු සේවකයන් ඉවත් යෑම පසුගිය වසර දෙකක කාලය තුළ කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇත. මහ බැංකුව පෙන්වා දෙන්නේ එම වසර දෙක තුළ පමණක් එවන් පලපුරුදු සේවකයන් 99 දෙනෙකු මහ බැංකු සේවය අතහැර ගොස් ඇති බවයි. එනිසා එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම අභියෝගයක් වී ඇත. […]

මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය ස්වාධීන ආයතනයක් ලෙස බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. ඒ අනුව එම සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවද හෙතෙම පැවසීය. එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් සඳහා වැටුප් වැඩි කර ගැනීමක් සිදුකර ඇති බවත් […]

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සඳහා ලබන මාසයේ අනුමැතිය හිමිවනු ඇති බවයි. මහා බැංකුවේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවා. මාර්ගගත ක්‍රමවේදය ඇතුළු බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවලින් බැහැරව ණය ලබාදෙන ආයතන නියාමනයට ඉදිරියේදී […]

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යෑමට අවසර දුන් බව  වරාය නගර කොමිසම  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. මේ අනුව ඒ සම්බන්ධයෙන්  මහ බැංකුවේ මතය ගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කළේය. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග […]

පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව‍ය. පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 1988 අංක 30 දරන […]

අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදෙන සියලු ව්‍යාපාර නියාමනය කිරීමට නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. දිනෙන් දිනම මේ ආකාරයේ ආයතන වැඩිවීම මත එවන් ආයතන නියාමනය කිරීමේ අධිකාරියක් පිහිටුවීමටද මහබැංකු යෝජනා කර තිබේ. මේ වන විට ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කරමින් පවතින බව මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන […]

බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත. එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.