සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක්  සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ් ” නැමැති අය අද (07 ) දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ . 32 හැවිරිදි වියේ පසුවන මන්නා […]

පාමංකඩ ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය තිප්පොළක් වැටලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එහි තිබූ රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු පෙරේදා (02 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් 27හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු රුපියල් ලක්ෂ එකහමාරක මාසික කුලී […]

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයකු වන හරක් කටා නොහොත් නඳුන් චින්තක සමග සබඳතා පැවැත්වූ බුද්ධි ප්‍රධානියකු ගැන විශේෂ විමර්ශනයක් අරඹා ඇත. හරක් කටා ඩුබායි සිටියදී දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයන් ගැන කෙරෙන විමර්ශනයේදී මෙම බුද්ධි ප්‍රධානියා ගැන හෙළි වී ඇත. පොලිසියේ නිලධාරීන් දහනව දෙනෙකු හරක් කටා සමග සබඳතා පවත්වා […]

පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත. තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම […]

වීථියේ යාචකයාගේ සහ ලොතරැයි අලෙවිකරුවාගේ සිට රටේ ඇතැම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද රාජ්‍ය සේවයේ කම්කරුවාගේ සිට පරිපාලන සේවයේ ඉහළ තනතුරු හොබවන ඇතැමුන්ද දැනටත් පාතාලයට නන් අයුරින් සම්බන්ධ බව නොරහසකි. ඊට හේතු කාරණා බොහෝය.  ඉන්ටපෝල් හෙවත් අන්තර්ජාතික පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කළ පාතාල නායකයන් දෙදෙනකුට හොර රහසේ මෙරටින් පැන යාම සඳහා […]

කැසිනෝ සූදුවෙන් බංකොළොත් වීමෙන් පසු පාතාලයට සම්බන්ධවී මත්ද්‍රව්‍ය ජාවාරම් යෙදී සිටි බව කියන ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (3)  අත්අඩංගුවට ගනු ලැබූහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ දැනට ඩුබායි රටට පලාගොස් සිටින බඩෝවිට අසංක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ජයටම කරගෙන ගොස් ඇති බව […]

දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ. ඩුබායි සිට මෙරටට ගෙන එන ලද පියුමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් කර ඇති ප්‍රකාශ මත පදනම්ව සකස් කළ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපති කාර්යාලයට දී ඇති අතර එමගින් මේ බව හෙළි […]

හිම සහිත අධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඇතුළු නගර රැසකට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාමාර්ග, නිවාස සහ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යට වී ඇතැයි ද, ඩුබායි රජයේ සේවකයන්ට නිවසේ සිට රැකියාවේ නිරතවන ලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. සියලුම රජයේ […]

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක […]

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජික පියුම් හස්තික නමැති සැකකරු අද (15) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සංචාරයක නිරතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.