කුඩු සලිඳු‌ගේ ප්‍රධාන ගෝලයාව ලංකාවට අරගෙන එයි . . .

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජික පියුම් හස්තික නමැති සැකකරු අද (15) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සංචාරයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නදුන් චින්තක හෙවත් හරක් කටා සහ ඔහුගේ කුප්‍රකට සගයකු වන සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් 2023 මාර්තු 11 වැනිදා මැඩගස්කරය බලා පිටත්ව ගියේය.

අනතුරුව එම නිලධාරීන් මාර්තු 15 වැනිදා ‘කුඩු සලිඳු’ නැමැති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණ, ඔවුන් දෙදෙනා දින 90 ක් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ නියෝගයක් ලබා ගත්හ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පලාත් සභාවලින් පොලිස් බලය ඉවතට . . .

Thu Feb 15 , 2024
වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කරන ලද විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x