රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය. නිවේදනයක් නිකුත් කරමින් […]

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක […]

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජික පියුම් හස්තික නමැති සැකකරු අද (15) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සංචාරයක නිරතව […]

‘අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නෑ’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ට ඊයේ(24) කරුණු […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නැමැත්තාට පලායාමේ උත්සාහයට සහය වූ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දිය හැකි ඕනෑම අයෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගයක් පිරිනැමීමට පොලිසිය කටයුතු කර තිබෙයි. මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නැමැති මෙම නිලධාරියා සම්බන්ධයෙන් හෝ ඔහු සිටින ස්ථානයක් පිළිබඳව හෝ ඔහුව සොයා ගැනීමට […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තකට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීම අධිකරණයෙන් විශේෂ අවසරයක් හිමිව තිබෙනවා. නීතිඥවරුන් විසින් ඔහු වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (19) මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. ඒ, අනුව […]

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරුවන් සමග ස කොස්තාපල්වරයා රැගෙන […]

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකාබැලීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ. තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු […]

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන  නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු  අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු  අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව  පොලීසිය  පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි  (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි . මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.