හරක්කටා බේරා ගන්න ගරිල්ලා මෙහෙයුමක් . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ට ඊයේ(24) කරුණු වාර්තා කළේය.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවී රසායනික අවි ප්‍රහාරයක් සිදුකර හරක් කටා සහ කුඩු සලිදු මුදාගෙන පලායෑම මෙම සැලසුමේ අරමුණ බවද එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත්තේ එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

  • සුජිත් හේවාජුලිගේ,නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක මිල පහළට . . .

Wed Oct 25 , 2023
ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ. එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි. ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x