ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. සෞඛ්‍ය  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම පත්වීම සිදු කළේය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. –

වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට භාවිතය තහනම් කරමින් කැනඩාව නියෝගයක් නිකුත් කර තිබේ. එරට තොරතුරු මේ හරහා සොරා ගැනීමට පවතින හැකියාව සළකා මෙය සිදුකර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කළේය. වී චැට් හරහා, ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත ගමන් කිරිමේ හැකියාව පවතින […]

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් […]

යළි විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (31) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් […]

ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා කෙරෙන ඉල්ලීම් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර ඇත. ටෙල්අවිව් නුවරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බවය. “සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් යනු ඊශ්‍රායලය හමාස් වෙත යටත් වන ලෙසත්, ත්‍රස්තවාදයට යටත් වන ලෙසත්…,” ඔහු කියා සිටියේ ඊශ්‍රායලය “මෙම […]

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබෙයි. ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රකාශ කළේය. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි තැනැත්තියක් […]

නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කම්කරු හා විදේශ රැකියා  අමාත්‍යවරයා විසින් වෘත්තීය  සමිති හාම්පුතුන් හා අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර වර්තමානයට ගැලපෙන ප්‍රතිපාදන සහිතව නව සේවා නියුක්ති  පනතක් සකස් කිරීම සඳහා පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාවට 2023-8-7 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත. […]

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල   සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු පැමිණිලි කර […]

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්‍ෂ 15ක මුදලක් කප්පම් ලබාගත් සිද්ධියට අදාළ තුන් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, ජනක රත්නායක කිරුළපන පොලිසියට කරන ලද පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශන කිරීමෙන් අනතුරුව ය. රත්නායක ගෙන් කප්පම් ලබා ගැනීමට පැමිණි මෝටර් රථය පැදවූ රියැදුරාත් කප්පම්කරුවන්ට රැඳී […]

ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා සම්පත්තීන් ජීවිතය පුරා පුරුදු පුහුණු කරමින්, ප්‍රතාපවත් මහා පෞරුෂයකින් ද, අප්‍රතිහත ආත්ම ශක්තියකින් ද, දූරදර්ශී ඥානයකින් ද පිරිපුන් දේශවාත්සල්‍යයෙන් හා ශූර ව්‍යාපාර බුද්ධියකින් හෙබි, ඒ සැමටත් වඩා සම්බුදු සසුනෙහි අතිප්‍රසන්න වූ බෞද්ධ මහෝපාසක චරිතයක් මෑත කාලයේ අප ලක් ධරණී තලයේ පහළ වී නම් ඒ අන් කවරකුවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.