සති දෙකක පමණ කාලයක් පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය නැවත ඔක්තෝම්බර් 28 සහ 29 දෙදින සිට පෙර පරිදි ධාවනය එක්කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. මේ සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සහිත දුම්රිය […]

කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ සොරාගත් පැරැණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 ට අධික බවයි. වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතර වෙන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මස […]

ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ. එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි. ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණයවී ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ට ඊයේ(24) කරුණු […]

ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත විකාශන නාලිකා පහසුකම ලබාදෙන බව මෙටා හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසයි. මෙම නාලිකාවලට සම්බන්ධ වන ඕනෑම අයෙකු සමඟ Voice Notes, Text, Photos/Videos සහ GIF බෙදා ගැනීමට Pages වලට හැකියාව ලැබෙන බව සඳහන් වේ.

අභාවප්‍රාප්ත ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල ගේ මරණය සැක සහිත බවත්, එය ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. ඒ, youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී එම සංගමයේ කැඳවුම්කරු මාර්කෝ පෙරේරා පවසන්නේ, ලලිත් කොතලාවල ගේ බිලියන දහයක දේපල නීතිඥයන් පිරිසක් විසින් හොර රහසේ […]

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු අද (25) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර උතුර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වූ පුද්ගලයෙක් බවයි. එම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බව […]

සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ පියවර ගෙන තිබේ. සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණි. ඒ අනුව පාවෙන සූර්ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.