කොළඹ නගර සභාවේ පැරණි පත්තර සොරාගෙන . . .

කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළෙඳ සැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝ 1486 ක සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ සොරාගත් පැරැණි පුවත්පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 3 ට අධික බවයි.

වැල්ලවත්ත මැනිං පොදු වෙළෙඳ පොළේ හතර වෙන මහලේ මෙම ගබඩාව පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් මස 9දින හා පෙරේදා (23) අතර කාලය තුළ මෙම සොරකම සිදුව තිබෙනවා.

වැල්ලවත්ත පොලිසියට ඊයේ (24) ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීතාවක ඔඩිසි දුම්රිය ගැන පණිවිඩයක් . . .

Wed Oct 25 , 2023
සති දෙකක පමණ කාලයක් පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය නැවත ඔක්තෝම්බර් 28 සහ 29 දෙදින සිට පෙර පරිදි ධාවනය එක්කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. මේ සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සහිත දුම්රිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x