ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම ආපදා තත්වය හේතුවෙන් නිවාස […]

හිම සහිත අධික වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඇතුළු නගර රැසකට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාමාර්ග, නිවාස සහ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යට වී ඇතැයි ද, ඩුබායි රජයේ සේවකයන්ට නිවසේ සිට රැකියාවේ නිරතවන ලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. සියලුම රජයේ […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. විභාගය මධ්‍යස්ථාන 2302කදී […]

මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ පැවසීය.  වර්ෂාව  අධික වීම හා  මහියංගන  දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම  නිසා  පාලම සම්පූර්ණයෙන් කඩා වැටී  ඇති බව ද ඒ මහතා පැවසීය. මේ අතර  මහියංගන රොටලවෙල  […]

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29ක් දින නියමයක් නොමැතිව අද (19) සිට වසා දමා තිබේ. මෙලෙස වසා දමා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 09ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09කි. අදාළ පළාත්වල වැසියන් වර්ෂාව හේතුවෙන් විපතට පත් වී ඇති අතර රජයේ පාසල් ගොඩනැගිලි කීපයක […]

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව හා සුලි කුණාටු තත්වයක් හේතුවෙන් පුද්ගල හානි සහ දේපල හානි වාර්ථා වී ඇතැයි ආපදා කලමනාකරන කාර්යාල මගින් පෙන්වා දෙයි. අධික වර්ෂාපතනය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ අද (03) වන විට පවුල් 150 කට අධික පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති අතර […]

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5 ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු […]

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය. පසල් දෙවන වාර විභාගයට මුහුණදුන් සිදු දරුවන් පිරිසක් යාන්ත්‍රික අඟුලකින් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ ජලයෙන් යටවූ කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන ගොස් එතෙර කිරීමට කටයුතු […]

මාතරට බලපා ඇති ගංවතුර තත්ත්වයට අනුව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මාතර , අකරැස්ස, මාපලගම ආදි ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය දැනට බලපා ඇතැයි දිස්ත්‍රික් ලේකම්කාර්යාලය කියයි. ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම නගරය අද දින යටව ඇතැයි ද වාර්තාවේ. ගාල්ල ඇල්පිටියේ ඉගල ප්‍රදේශයෙන් […]

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ  ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.