මාතර සියලු පාසල් අඟහරුවදා වනතුරු වැසේ . . .

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ  ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගනු ලැබීය.

එහිදී මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල් වල දරුවන් හා අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.

  • ක්‍රිෂාන් ජීවක ජයරුක්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාතර සහ ගාල්ල ගම් රැසක් ජලයෙන් යටවේ . . .

Sat Oct 7 , 2023
මාතරට බලපා ඇති ගංවතුර තත්ත්වයට අනුව ආපදාවලට ලක්ව ඇති පිරිසට සඳහා සහන කණ්ඩායම් යොදවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මාතර , අකරැස්ස, මාපලගම ආදි ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය දැනට බලපා ඇතැයි දිස්ත්‍රික් ලේකම්කාර්යාලය කියයි. ගිං ගඟ පිටාර ගැලීමෙන් මාපලගම නගරය අද දින යටව ඇතැයි ද වාර්තාවේ. ගාල්ල ඇල්පිටියේ ඉගල ප්‍රදේශයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x