කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ යලි දිවයිනට . . .

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ එක් ගෘහ සේවකයෙකු සිටි අතර ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර , ඉතිරි පිරිස පොළොන්නරුව , මොණරාගල , ගාල්ල , මාතර ආදී දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති .

මොවුන්  තම ගිවිසුම් ගත රැකියා ස්ථාන වලින් පළා ගොස්  දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට , පසුව ඔවුන් රෝගී තත්වයන්ට ගොදුරු වීම  , ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පවුල්  වල ගැටළු මතු වීම  , සිය වයස් සීමා ඉක්ම යාම වැනි හේතු නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කර තිබේ .

ඒ අනුව  මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර , ඉන්පසුව එම තානාපති කාර්යාලීය නිලධාරීන්  එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිසිය සහ අධිකරණය සමග එක්ව කටයුතු කර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර  මෙසේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එරටින් පිටුවහල් කර එවා තිබුණි.

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විස දමා සතුන් මැරීමේ ජාවාරමක් . . .

Wed Aug 16 , 2023
මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x