මහනුවර නගරය සඳහා නව දුම්රිය ස්ථානයක් සහ අධික්ෂණ කාර්ය සංකීර්ණයක් විවෘත කර තිබෙනවා. නව දුම්රියපොළ ඉදිකිරිම මඟින් මහනුවර සිට මාතලේ දක්වා මෙන්ම මාතලේ සිට මහනුවර දක්වා පැමිණෙන මඟීන්ට විශාල පහසුවක් බවයි සඳහන් වෙන්නේ. දැනට පවතින ප්‍රධාන දුම්රියපොළ මහනුවර නගරයේ එක් කොනක පිහිටා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන […]

කුරුණෑගල කෝටිපති ව්‍යාපාකයකු විදේශ රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කහතුඩුව ප්‍රදේශයේ නිවසක සඟවා රුපියල් කෝටි 5 ට අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථ දෙකක් පානදුර වලාන දුෂණ මර්දන ඒකකය  අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු ඔහුගේ බිරිඳයට අයත් කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක මෙම වාහන දෙක සඟවා තිබී ඇත. […]

බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරණ මුවාවෙන් මගී ප්‍රවාහන බස් සේවයද විදේශිකයන්ට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි බරපතල සැකයක් මතු වී තිබේ. මෙම සැකයට හේතු වී තිබෙන්නේ පසුගිය 28 වෙනි දින ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් සම්මත කිරීමෙන් පසුවය. […]

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා  වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ   බවද  ඔහු සඳහන් කළේය. වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වාහන අමතර […]

රටේ ඉහළම ප්‍රභූවරයකු ගමන් ගන්නා මාර්ගය ඔහු එන පෙරමඟට කොස්ගෙඩියක් ද කරේ තබාගෙන ආ පියකු සහ කුඩා දරුවකු එම ප්‍රභූවරයා යන තෙක් අතුරුමාර්ගය රඳවා ගත් පුවතක් ගම්පොළ වාරියගල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ හේතුවෙන් ඔවුනට දහවල් ආහාරය අහිමි වූ බව එම පියා කියා සිටියේය. මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම […]

පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි. එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති. එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට […]

පාසල් කාලසීමාව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  පවසනවා. ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ පිරිස ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමේ ප්‍රතිඵලයක් ලෙසින් වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇක්වා පැකේජින් කර්මාන්ත ශාලාව (AQUA PACKAGING PVT LTD) අද (31) වසා දැමීමට සිදුවී ඇති අතර මේ නිසා 400කට ආසන්න සේවක පිරිසකගේ රැකියා අහිමි වී තිබේ. මෙම කර්මාන්ත ශාලාව වසර […]

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්ඔය සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩුවකට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. 2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී […]

කූට ව්‍යාපාරිකයින් විසින් වාහන හිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස පැවසීය, “ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මෙවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.