පිළිකාව මර්දනයට එන්නතක් . . .

පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි. එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති.

එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට නියමිතය.

එහිදී අදාළ ඖෂධය එන්නතක් ලෙස ලබාදීමට නියමිත අතර එමඟින් රෝගියෙක් වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් වෙන්කරනු ලබන කාලයද සැලකිය යුතු ලෙස අඩුවෙතැයි සඳහන් ය.

එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය පැවසුවේ සාමාන්‍යයෙන් “atezolizumab” පිළිකා රෝගීන්ගේ නහරයකට කෙළින්ම ලබාදෙන බවත් සමහර අවස්ථාවල නහරයක් සොයාගැනීම අපහසු වුවහොත් එම ඖෂධය ලබාදීම සඳහා විනාඩි 30ත් පැයත් අතර කාලයක් ගතවන බවත් ය.

මෙම එන්නත නිපදවූ Roche සමාගමේ නිලධාරියෙක් පැවසුවේ නව ක්‍රමවේදය යටතේ ඖෂධය ලබාදීමට ගතවන්නේ විනාඩි 7ක් පමණක් බවය.

වාර්ෂිකව “atezolizumab” ප්‍රතිකාරය සඳහා යොමු කෙරෙන පිළිකා රෝගීන් 3,600ක් පමණ දෙනා අතුරින් බහුතරයකට අදාළ එන්නත සඳහා යොමුවීමට හැකිවෙතැයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රභූවරයකු නිසා පවුලක්ම කුසගින්නේ . . .

Thu Aug 31 , 2023
රටේ ඉහළම ප්‍රභූවරයකු ගමන් ගන්නා මාර්ගය ඔහු එන පෙරමඟට කොස්ගෙඩියක් ද කරේ තබාගෙන ආ පියකු සහ කුඩා දරුවකු එම ප්‍රභූවරයා යන තෙක් අතුරුමාර්ගය රඳවා ගත් පුවතක් ගම්පොළ වාරියගල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ හේතුවෙන් ඔවුනට දහවල් ආහාරය අහිමි වූ බව එම පියා කියා සිටියේය. මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x