විශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වයි . . .

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා  වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ   බවද  ඔහු සඳහන් කළේය.

වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වාහන අමතර කොටස්  ගෙන්වීමට තිබූ තහනමද  සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි  සඳහන් කළේය.

කොව්ඩ් අර්බුදය සමග මතු වූ ආර්ථික ගැටලුව සමඟ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

ඒ අනුව ගිලන්රථ පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ තානාපති කාර්යාලවලට  අවශ්‍ය රථ ආදී පොදු අවශ්‍යතාවයන්ට අවශ්‍ය වාහන හැරුණු කළ  වෙනත් වාහන ගෙන්වීම තහනම් කෙරිණ.

වාහන ගෙන්වීම මෙසේ  තහනම් කෙරුණේ  2022 වර්ෂයේ ජුනි මස  5  වැනිදාය.

මේ අතර මේ රටට නීති විරෝධීව ගෙනැවිත් ඇති වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය  පැවසීය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මගී ප්‍රවාහන බස් සේවයත් විදේශිකයන්ට විකුණන සූදානමක . . .

Thu Aug 31 , 2023
බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරණ මුවාවෙන් මගී ප්‍රවාහන බස් සේවයද විදේශිකයන්ට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි බරපතල සැකයක් මතු වී තිබේ. මෙම සැකයට හේතු වී තිබෙන්නේ පසුගිය 28 වෙනි දින ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් සම්මත කිරීමෙන් පසුවය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x