බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව අරුණට වාර්තාවේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ අධීක්ෂණය යටතේ විශේෂ පුහුණුව ලබන මෙම කණ්ඩායම විශේෂ ප්‍රහාරක යතුරු පැදි කණ්ඩායමක් ලෙස කරළියට එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අරුණට පැවසීය. පාතාල කණ්ඩායම්, […]

විශ්ව විද්‍යාල පද්ධතියේ දිගින් දිගටම සිදුවන නවක වදය තුරන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අදාළව කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. අට දෙනකුගෙන් යුත් මෙම කමිටුව ‘ජාතික නවකවදය වැළැක්වීමේ කමිටුව’ (National Anti-Ranging Committee-NARC) ලෙස […]

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇත. මේ වනවිට පොලිස් ස්ථානවලත් සැපයුම් කොට්ඨාසයේත් ඇත්තේ බීමත් රියැදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා […]

ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට විෂය භාර ඇමති විදුර වික්‍රමනායක තීරණය කර ඇත. ඒ සඳහා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන ලෙසට ඇමතිවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට […]

‘අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නෑ’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය […]

පොලිස් දෙපාර්තමේන්තුවේ එක්ලක්ෂ පන්දහසක පමණ නිලධාරීන් සංචිතයක් සිටිය යුතු නමුත් දැන් සිටින්නේ අසූදහසකටත් අඩු නිලධාරීන් පිරිසකි. ඒ පොලිස් සේවය සඳහා නිසි බඳවාගැනීම් නොකිරීම හා උසස් නිලධාරීන්ගේ කෙනෙහිලිකම් උහුලාගත නොහැකිව බොහෝ නිලධාරීන් සේවය අත්හැර යන පසුබිමකය. මහමග රාජකාරී කරන රථවාහන කොස්තාපල්වරයාගේ පටන් ඉහළම නිලධාරීන් දක්වා අනිසි බලපෑම් නිරන්තරයෙන් සිදුවන බව කවුරුත් […]

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙසේ ස්ථාන මාරු කිරීමට නියමිත පිරිස් අතර සිටිති. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ස්ථාන මාරු සිදු කිරීමට නියමිතව […]

නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි ට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයේ අතිරේක දිසාවිනිසුරු ලෙස ස්ථාන මාරු කිරිම හෙලා දකිමින් එම අධිකරණයේ නිතිඥය සංගමය සිය විරෝධය දක්වමින් නිවේදනයක් (22) දින නිකුත් කර ඇත. නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු […]

වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා  වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ   බවද  ඔහු සඳහන් කළේය. වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වාහන අමතර […]

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම  ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස පැවසීය. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.