කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වහයි . . .

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම  ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස පැවසීය.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇත.

මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි  පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ.

මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතය.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස පැවසීය.

  • එම්.කේ.නන්දසේන
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොතරැයි මිල වැඩි කරයි . . .

Mon Jun 12 , 2023
ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට  රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ ලංකාදීපයට  පැවසීය. ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය. මෙම වැඩි කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x