පාසල් කාලය දක්වා දීර්ඝ කරයි . . .

පාසල් කාලසීමාව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  පවසනවා.

ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

මේ අතර, පාසල් සිසුන් අතර කොටස් වෙළෙඳපොළ පිළිබඳ දැනුවත්භාවය සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් 100ක ප්‍රාග්ධන වෙළෙඳපොළ සමාජ පිහිටුවීමට සැලසුම් කර තිබේ.

එහි සමාරම්භක උත්සවය මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරු 10.00 පැවැත්වුණා.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිළිකාව මර්දනයට එන්නතක් . . .

Thu Aug 31 , 2023
පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි. එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති. එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x