මෙරට පවුල් ලක්ෂ 24කට නොමිලේ සහල් කිලෝ දහය බැගින් මසකට වරක් නොකඩවා නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පියවර ගෙන ඇත්තේ එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැඩි ප්‍රසාදයක් දැක්වීම හේතුවෙනි. ඊට අමතරව ශිෂ්‍ය භික්ෂු භික්ෂුණීන් වහන්සේලාටත් ගිහි සිසුන් සඳහාත් දැන් මෙම මැයි මාස සිට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශය අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට විරෝධතා මතු කරමින් කරුණු ඉදිරිපත් කරමින් සිටියේය. එහිදී නැගී සිටි ජනාධිපතිවරයා විමසා සිටියේ තමන් තමන්ට පුළුවන් ආකාරයෙන් වැඩේ කරන ලද බවත් අප්‍රේල් 19 වෙනිදා අගමැතිකම බාරගත්තා නම් මේ කිසිවක් සිදු නොවනු […]

පසුගිය වසරේ අලුතින් වකුගඩු රෝගීන් 3,000ක් වාර්තා වී ඇති බව අලුත්ම ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වෙමින් තිබියදී ජනාධිපති අරමුදලේ මුදල් රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා දිගින් දිගටම යොදා ගනිමින් සිටින බව තහවුරු වී තිබේ. ජනාධිපති අරමුදල සතු මුදල් විශේෂයෙන් ම හෘද රෝගීන් සහ වෙනත් හදිසි සැත්කම් වෙනුවෙන් මහජනතාවට සහන සැලසීමට […]

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය හෙට පෙ.ව 10.00ට ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ අතර, එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය හෙට ප.ව 2.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට […]

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව, හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවටයි සමාජ මාධ්‍ය සහ තැන් තැන් වල කතාබහට ලක් වෙමින් පවතින්නේ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක […]

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි” (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට […]

උමා ඔය ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි ගේ ප්‍රධානත්වයෙන්  පෙර විවෘත කෙරිණි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක් වුණි.   aruna

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24 වැනිදා ) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. ජනාධිපතිවරයා වශයෙන් මෙතෙක් සහභාගි වී ඇති විදේශ සංචාර, එක් එක් සංචාරයේ දී හමු වූ විදේශීය නායකයන් වෙන් වෙන් වශයෙන් කවරේ ද […]

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අදාළ සියලු නැකත් ශාත්‍ර කටයුතු සිදු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඔහුගේ සමීපතම හිමිනමකට බාර දී ඇති බව වාර්තා වේ. එම හිමිනමට අදාළ නැකැත් කටයුතු පැකේජයක් ම බාර දී ඇත. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසු ගණ පිහිටුවන ලද පක්ෂයක් තෝරා දීම, අපේක්ෂක අයදුම් පත්‍රය අත්සන් කිරීමට දින […]

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ එක්සත් මහජන පක්ෂයෙන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස් ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් මූලික වී නව පක්ෂයට පණ දීමේ සැලසුම් සකස් කරමින් සිටින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.