පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් . . .

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව, හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවටයි සමාජ මාධ්‍ය සහ තැන් තැන් වල කතාබහට ලක් වෙමින් පවතින්නේ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක වී ඇති කරුණු සම්පූර්ණයෙන් ම අසත්‍ය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා අතර හදිසි හමුවක් පැවැති පසුබිමක මෙවැනි වාර්තා පළ වීමත් එක්අතකින් විශේෂත්වයක්.

අදාළ සාකච්ඡාවේ දී මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවීම් කිහිපයක් පැවැත්වුණා.

එහි දී ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ද සඳහන්වේ.

මේ අතර ලබන ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝදුරට ඉඩ ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වනවා.

ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වූවහොත් මහමැතිවරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් සිදු වීමය යුතුයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ . . .

Sun Apr 28 , 2024
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මහජන පැමිණිලි ලබාගෙන පැමිණිල්ල කරන පුද්ගලයා සිටින ස්ථානයට එසැණින්ම පොලිස් කණ්ඩායම් යවා පැමිණිල්ල විභාග කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරි දිනවලදී හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මේ අනුව මින් ඉදිරියට මහජනතාවට මුල් පැමිණිල්ල කිරීමට පොලිසියට යා යුතු නොවන්නේය. පොලිස් වෙබ් අඩවිය ඔස්සේ “පොලිස්පතිට කියන්න” (TELL IGP )යනුවෙන් පැමිණිලි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x