එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට ගුවන්තොටුපලෙන් ඉඩමක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරමිනි. ‘කටුනායක සහ මත්තල ගුවන් යානා ඉන්ධන නිකුත් කරලා විශාල ආදායමක් රටට […]

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට […]

පසුගිය වසරේ අලුතින් වකුගඩු රෝගීන් 3,000ක් වාර්තා වී ඇති බව අලුත්ම ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වෙමින් තිබියදී ජනාධිපති අරමුදලේ මුදල් රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා දිගින් දිගටම යොදා ගනිමින් සිටින බව තහවුරු වී තිබේ. ජනාධිපති අරමුදල සතු මුදල් විශේෂයෙන් ම හෘද රෝගීන් සහ වෙනත් හදිසි සැත්කම් වෙනුවෙන් මහජනතාවට සහන සැලසීමට […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි. පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි. පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද මේ වන තෙක් පක්ෂයේ කිසිදු වගකීමක් තමන්ට පවරා නොමැති බවද මන්ත්‍රීවරයා […]

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව, හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවටයි සමාජ මාධ්‍ය සහ තැන් තැන් වල කතාබහට ලක් වෙමින් පවතින්නේ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක […]

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි. ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනය  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මට එරෙහිව කරන ලද චෝදනා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත […]

මීළඟ ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද තම පක්‍ෂයේ අපේක්ෂකයන් දිස්ත්‍රික විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද කියා සිටියි. දූෂණයට නාස්තියට විරුද්ධ මැති ඇමතුම රැසක් ඉදිරියේදී තම පක්‍ෂයට එකතු වන බවද […]

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අදාළ සියලු නැකත් ශාත්‍ර කටයුතු සිදු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඔහුගේ සමීපතම හිමිනමකට බාර දී ඇති බව වාර්තා වේ. එම හිමිනමට අදාළ නැකැත් කටයුතු පැකේජයක් ම බාර දී ඇත. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සුදුසු ගණ පිහිටුවන ලද පක්ෂයක් තෝරා දීම, අපේක්ෂක අයදුම් පත්‍රය අත්සන් කිරීමට දින […]

මුලින්  නිකුත් කෙරුණු තීරු බදු රහිත  වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර  දෙන්නැයි  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ  රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී  සාකච්ඡා කිරීමට […]

ජනා­ධි­පති කියන පුටු­වට කයි­ය­නා­ය­කලා හෝ බස් ඩ්‍රයි­වර් කෙනෙක් දාලා හෝ රටක් දියුණු කරන්න බැරි බවත් කයිය ගහලා ලොකු රැස්වීම් කළ පළි­යට රටක් කරන එක පහසු නැති බව ඉඩම් හා සංචා­රක ඇමැති හරින් ප්‍රනාන්දු පව­සයි. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ බදුල්ලේ පිහිටි ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමු­ව­කට සහ­භාගි වෙමිනි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.