ජනා­ධි­පති පුටු­වට බස් ඩ්‍රයි­වර්ලා ගැළපෙන්නේ නැහැ . . .

ජනා­ධි­පති කියන පුටු­වට කයි­ය­නා­ය­කලා හෝ බස් ඩ්‍රයි­වර් කෙනෙක් දාලා හෝ රටක් දියුණු කරන්න බැරි බවත් කයිය ගහලා ලොකු රැස්වීම් කළ පළි­යට රටක් කරන එක පහසු නැති බව ඉඩම් හා සංචා­රක ඇමැති හරින් ප්‍රනාන්දු පව­සයි.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ බදුල්ලේ පිහිටි ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමු­ව­කට සහ­භාගි වෙමිනි.

තව­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.

මැති­ව­ර­ණ­ය­කට වඩා අපිට ඕනෑ රටේ මිනි­ස්සුන්ට අවු­රුදු කන්න දෙන්නයි. රටේ මිනි­සුන් ඡන්ද­යක් වුව­ම­නායි කියලා දඟ­ලන්නේ නැහැ. මිනි­සුන්ට අවශ්‍ය වන්නේ ජීවත් වීමයි. දේශ­පා­ල­නයේ කිසිම අභි­යෝ­ග­යක් භාර ගත්තේ නැති රට වැටිලා රටේ මිනිස්සු මැරෙන කොටත් අභි­යෝග භාර නොගත්ත මිනිස්සු දැන් ඡන්දය ඉල්ල­නවා රට බේරා ගන්න. ඒ කරන්න හදන්නේ රටේ මිනිස්සු වෙනු­වෙන් නොවෙයි. ඒ කරන්න හදන්නේ සම්පූ­ර්ණ­යෙන්ම තමන්ගේ බලය රැක ගන්නයි.

ව්‍යව­ස්ථා­නු­කූ­ලව ඔක්තෝ­බර් මාසයේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පව­ත්ව­නවා. එකට අපි සූදා­නම් වෙනවා. මට ලොකු විශ්වා­ස­යක් තියෙ­නවා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ  සිය­ලුම පක්ෂ සහ­යෝ­ග­යෙන් පොදු අපේ­ක්ෂ­කයා හැටි­යට ඉදි­රි­පත් වෙයි කියලා. මැයි පළ­මු­වැ­නිදා වෙන­කොට අපි එක්සත් ජාතික පක්ෂය කියන්නේ කවුද කියන එක පෙන්ව­නවා.

රනිල් වික්‍ර­ම­සිංහ ජන්දය කල් දාන්නේ නැහැ. කල් දානවා නම් අපිට කිය­නවා කල් දානවා කියලා. එහෙම කියන්නේ නැහැ. අපිට වැඩ පටන් ගන්න කියලා තමයි තියෙන්නේ.

සංචා­ර­ක­යින් මාස තුනක් ඇතු­ළත හය ලක්ෂ පනස් දහ­සක් ඇවිත් තියෙ­නවා. දෙසැ­ම්බර් වන විට රටේ තිබෙන හෝටල් කාම­රත් මදි වෙයි. ඒ නිසා රට දියුණු වෙන කොට අපේ මිනිස්සු කුලල් කා ගන්නවා.

මාලි­මා­වයි සජ­බ­යයි ආණ්ඩු­වට එකතු වෙනවා නම් අපේ ඇමැ­ති­කම් ඒ ගොල්ලන්ට දෙන්න තිබුණා. එත­කොට මේ රටට තව අවු­රුදු දෙක තුනන් හුස්ම ගන්න පුළු­ව­න්කම තියෙ­නවා. එහෙම වුණා­නම් මේ රට සුන්ද­රම රටක් වේවි.

  • බදුල්ල – නිශාන්ත අබේ­ගු­ණ­ව­ර්ධන

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හොරෙන් ගෙනා වාහන ලියාපදිංචිය නවතයි . . .

Sat Apr 6 , 2024
විවිධ පුද්ගලයින්ට අයත් මොන්ටේරෝ, ලන්ඩ් කෲසර්, මිනිකූපර්, වැනි අධි සුඛෝපභෝගී  වාහන පනස් එකක ලියාපදිංචිය වෙනස් කිරීම හෝ  පැවරීම වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (05) නිකුත් කළේය. මෙම සුඛෝපභෝගී වාහන රේගුවට හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි 500කට අධික බදු මුදලක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x