ජවිපෙ මූලස්ථානය ඉදිරියේ විරෝධතා . . .

රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88 -89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්‍‍ඝෝෂණයක් පැවැත්වීය.

මෙහිදී අදහස් දැක්වූ විරොධතාකරුවන්,

“88/ 89 භීෂණ සමයේ සාමාන්‍ය ජනතාව අපේ ඇස් ඉදිරිපිට වෙඩි තියලා ඝාතනය කරපු හැටි දැක්කා. සමාජ සේවකයින්, සමාජයේ යහපත් වැඩ කරපු මිනිස්සු ඝාතනය කළා.

අතීතයේ අපේ සියලු දේ විනාශ කරපු මිනිස්සු දැන් නැවත මේ එන්න හදන්නේ මොකාට ද, රටේ විද්වතුන්, මාධ්‍යෙව්දීන්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු ජවිපෙ රටේ බලය ගන්න දගලනවා.

දැනටත් ජවිපෙ කරන්නේ ජනතාවට වෛර කරන එක, මියගිය මිනිසුන්ටත් කරන අපහාසයක් මේක. මැරුණු මිනිස්සුන්ට තවමත් ජවිපෙ වෛර කරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්තවාදට වළපල්ලට යවන්න”.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආහාර අර්බුදය උග්‍රවෙයි . . .

Mon Apr 29 , 2024
අඛණ්ඩ ගැටුම් හේතුවෙන් සුඩානයේ දැඩි මානුෂීය අර්බුදයක් ඉස්මතු ව තිබේ. ඉන් ආහාර අර්බුදය ඉතා බරපතල තත්ත්වයට පත් ව ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරි Rein Paulsen පැවසුවේ, සුඩාන ජනගහණයෙන් 40% ක් පමණ වන මිලියන 18 ක ජනතාව ආහාර නොමැතිකමින් පීඩාවට පත් ව සිටින බවයි. හදිසි මැදිහත්වීමක් නොකළහොත් මහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x