යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් . . .

රුසියාව විසින් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, එම මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 05 දෙනෙකු ද සිටින බවයි.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්ය.

අදාළ ප්‍රහාරයෙන් පසු ව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි ප්‍රහාරවල ප්‍රතිවිපාක රුසියාවට අත්විඳීමට සිදු වනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද විදෙස් මාධ්‍යය අවධාරණය කර ඇත.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිරු ගවේෂණයට යැවූ ඉන්දීය යානය ගමනාන්තයට . . .

Sun Jan 7 , 2024
ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරින් ඇති ලග්‍රාන්ජ් L-1 ලක්ෂය යන නමින් හැඳින්වෙන ස්ථානයයි. මෙම ස්ථානයේ රැඳී සිටිමින්, ආදිත්‍ය L-1 යානය හිරු ගවේෂණය කරනු ඇත. යානය පෘථිවියෙන් පිටත් වී ගියේ පසුගිය සැප්තැම්බර් 2 වැනිදාය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x