ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරින් ඇති ලග්‍රාන්ජ් L-1 ලක්ෂය යන නමින් හැඳින්වෙන ස්ථානයයි. මෙම ස්ථානයේ රැඳී සිටිමින්, ආදිත්‍ය L-1 යානය හිරු ගවේෂණය කරනු ඇත. යානය පෘථිවියෙන් පිටත් වී ගියේ පසුගිය සැප්තැම්බර් 2 වැනිදාය. […]

රුසියාව විසින් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍යය වාර්තා කළේ, එම මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 05 දෙනෙකු ද සිටින බවයි. නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්ය. අදාළ ප්‍රහාරයෙන් පසු ව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි […]

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත පළමු ස්ථානයට ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පත් ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සුප්‍රකට බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කළේ ය. මේ වන විට අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. ඒ අනුව ලොව සුපිරි ධනවතුන් අතර 12 වැනි ස්ථානයට ඔහු […]

සමගි ජන බලවේගය සමඟ එක් වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, පක්ෂ 18 ක් එකතු වී නිර්මාණය කරගත් පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය අද රැස් වූ අවස්ථාවේදීයි. ඒ, අනුව ඉදිරියේ දී තමා සහාය ලබා දෙන පක්ෂය සම්බන්ධව තීරණයක් ගන්නා බව […]

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක නැමැති අයගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගයාන් තාරක සම්පත් නම් ඔහු වනරතන පාර දෙහිවල පදිංචිකරුවෙකි. සැකකරු සතුව තිබී හෙරොයින්, ගංජා මෙන්ම මත්ද්‍රව ජාවාරමේ උපයා ගන්නා ලද මුදල් සහ කඩු පහක් උල් ආයුධයක් සොයාගෙන […]

මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ, අදාළ සේවය පවත්වාගෙන යාමේ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන්. මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක ප්‍රකාශ කර තිබුණේ, එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී […]

මිත්‍යාදෘෂ්ටික මත පතුරුවමින් ජනතාව සියදිවි හානි කර ගැනීම් හෝ වෙනත් විෂමාචාර ක්‍රියා සඳහා පොළඹවන  ඊනියා දේශකයන්  හෝ පුද්ගලයන්ට  දැඩි  දඬුවම් පැමිණවීම සඳහා නව අණ පනත් සම්මත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. මේ අතර ජනතාව අතරේ  මිථ්‍යා මත පතුරවමින් සියදිවි හානි කර ගැනීම් සඳහා පෙළඹවූ බව කියන  මාලඹේ දේශකයා සහ ඔහුගේ […]

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (06) පත් වී තිබේ. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයායි. එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, රට තුළ ඖෂධ හිඟය කෙමෙන් අඩු වෙමින් පවතින බවයි. ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය […]

ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,‍05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ […]

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික අයවැය වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. කතරගම දේවාලයේ වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් සිදු වන මොහොතක මෙවන් වාර්තාවක් එම දේවාලයේ ෆේස්බුක් පිටුවට එක් කිරීමට කටයුතු කිරීම කාගේත් අවධානයට ලක්ව ඇත. ඒ අනුව, 2023 වසරේ ජනවාරි මස 01 වනදා ශේෂය රුපියල් 13,135,764.15ක්. එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.