විශ්‍රාමිකයනුත් TIN අංකයක් ලබාගත යුතුයි . . .

ලක්ෂ 7ක් ඉක්මවන මෙරට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුපෙන් ආදායම් බදු හෝ උපයන විට ගෙවීම් බදු හෝ අය නොකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට කීය. ඒ අනුව 7,‍05,000කට ආසන්න විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විශ්‍රාම වැටුප ඉදිරියටත් ආදායම් බද්දෙන් හා උපයනවිට ගෙවීම් බද්දෙන් නිදහස් වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ කේ. ජී. ආර්. ජයනාත්ගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙරට විශ්‍රාම වැටුප්ලාභීන් 7‍0,5000කට ආසන්න පිරිසක් සිටින බවත්, එයින් 55%-60%ක ප්‍රමාණයක් පුරුෂයන් බවත්, 40%-45%ක ප්‍රමාණයක් ස්ත්‍රීන් බවත්ය. කෙසේ වෙතත් අවුරුදු 18ට වැඩි සියලු දෙනා ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව අනිකුත් ගනුදෙනු සඳහා විශ්‍රාමිකයන් ද TIN අංකයක් ලබා ගත යුතු වේ.

රාජ්‍ය වියදම් අනුව රජයේ සමස්ත මුළු බදු ආදායමෙන් 72%ක් වෙන් වන්නේ රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාය. 2022 වසරේ රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1,751ක් වී ඇති අතර රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහා ඉන් රුපියල් බිලියන 1,265ක් වෙන් වී ඇත. සමෘද්ධි සහනාධාරය සඳහා වෙන්වී ඇති මුදල රුපියල් බිලියන 506කි.

  • සුභාෂිණී ජයරත්න

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක් . . .

Sun Jan 7 , 2024
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (06) පත් වී තිබේ. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයායි. එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, රට තුළ ඖෂධ හිඟය කෙමෙන් අඩු වෙමින් පවතින බවයි. ඖෂධ හිඟය තවදුරටත් අඩු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙමින් සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x