නුවර වැවේ ජෝයි බෝට්ටු සේවාවට සීල් . . .

මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, අදාළ සේවය පවත්වාගෙන යාමේ ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන්.

මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක ප්‍රකාශ කර තිබුණේ, එම ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී ඉහළම ලන්සුව තැබූ ටෙන්ටර්කරුට එය ලබා දීමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත් එම බෝට්ටු සේවාව වසර 53ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආ පාර්ශවය සහ නව ටෙන්ඩර්කරු අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති ව තිබුණි

ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන තුරු එම ස්ථානයට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට පියවර ගත් බවයි, ඉශාන් විජේතිලක කියා සිටියේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුඩු රජෙක් අල්ලයි . . .

Sun Jan 7 , 2024
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ⁣බඩෝවිට අසංක නැමැති අයගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය රැසක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගයාන් තාරක සම්පත් නම් ඔහු වනරතන පාර දෙහිවල පදිංචිකරුවෙකි. සැකකරු සතුව තිබී හෙරොයින්, ගංජා මෙන්ම මත්ද්‍රව ජාවාරමේ උපයා ගන්නා ලද මුදල් සහ කඩු පහක් උල් ආයුධයක් සොයාගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x