යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්‍රහාරයකින් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබුනා. Wayomi

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බලශක්ති සමාගම ප්‍රකාශ කළේය. ට්‍රිපිලියා විදුලි බලාගාරය කියෙව් නගරය ඇතුළුව යුක්රේනයේ ප්‍රධාන කලාප තුනකට විදුලිය සැපයූ බව එම සමාගම පැවසුවේය. රුසියානු හමුදා සිතාමතා උපායශීලීව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරන බවත් මෙම ප්‍රහාරයෙන් […]

රුසියාව විසින් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍යය වාර්තා කළේ, එම මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 05 දෙනෙකු ද සිටින බවයි. නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්ය. අදාළ ප්‍රහාරයෙන් පසු ව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි […]

පාකිස්ථානය යුක්‍රේනයට නව අවි තොගයක් සැපයීමට තීරණය කර ඇත. මෙය සිදු වන්නේ යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba පාකිස්තානයේ සිදුකළ සංචාරයට සමගාමීවය. යුක්රේනයේ විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා ජුලි 20 වැනිදා ඉස්ලාමාබාද් වෙත පැමිණියේය. ඔහු පාකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් සර්දාරි (Bilawal Bhutto Zardari) සහ පාකිස්ථාන අගමැති ෂෙබාබ් ෂරිෆ් (Shehbaz Sharif) සමගද සාකච්ඡා […]

රුසියාවේ ප්‍රධාන කුලී හේවා කණ්ඩායමක් වන වැග්නර් ක්‍රියාත්මක කළ කැරැල්ලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානය සම්බන්ධ බව රුසියාව සහ ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.  සී.අයි.ඒ සංවිධානය වැග්නර් කණඩායම සමඟ සබඳතා ගොඩනගා ගනිමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කිරීම සඳහා වැග්නර් කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක මුදලක් […]

රුසියාවේ මොස්කව් නගරයට අද (30) උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මොස්කව් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සුළු අලාභානි සිදුව ඇත. ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් අලාභානි වූ මහල් නිවාස ගොඩනැගිලි දෙකක පදිංචිකරුවන් එම ගොඩනැගිලිවලින් ඉවත් කිරීමට නගරාධිපති සර්ගේ සොබ්යානින් කටයුතු කර තිබේ.කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ ගොඩනැගිලිවල පදිංචි පුද්ගලයන් […]

රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව  යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.