රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් වෛද්‍ය සිසුන් 7 දෙනෙකු බේරා ගනී . . .

රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව  යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය.

බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු හමුදා ඔවුන් අල්ලාගෙන කර්කිව් පළාතේ ගොඩනැගිල්ලක බිම් මහලක රඳවා ගෙන සිට ඇති බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී ප්‍රකාශ කර ඇත.  පසු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව ද ඔහු සඳහන් කළේය.

– විමුක්ති ඒස්. රුද්‍රිගු

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අමරදේව ඩෝල්ටන් සුසංයෝගය - කුණ්ඩල කේශී . . .

Sat Sep 17 , 2022
පණ්ඩිත් අමරදේවයෝ  දිනක් ඩෝල්ටන් අල්විසුන් මුණගැසීමට පැමිණියහ. අමරදේවයන්  හදිසියේම ඩෝල්ටන් හමුවීමට  පැමිණියේ ඔහු විසින් නිර්මාණය කරන ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට  ගීතයක් ලියවා ගැනීමටය. “ඩෝලේ” (ඩෝල්ටන් අල්විස්ගේ මිතුරන් ඔහුට ආදරයට කතා කළ නම) අපි කොහෙ හරි යමුද?අමරදේවයෝ ඇසීහ. අමරදේවයන්ගේ යෝජනාවට ඩෝල්ටන් ද එකපයින් එකඟ විය. අනතුරුව අමරදේවයන්ගේ මෝටර් රියෙන්ම දෙදෙනා  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x