සුළු සේවකයෝ වෛද්‍ය බෙල්ලනගේ කාර්යාලය වට කරති . . .

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි.

පසුගිය දා සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව ඔහු පළ කළ අදහස්වවලට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් ඔහුගේ කාර්‍යාලය අසල විරෝධය පළ කරමින් මෙලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කාර්යාලයේ රඳවාගෙන සිටින බවට සඳහන් ය.

මේ වන විට එහි තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇතැයි වාර්තා වේ.

  • Mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනතා විරෝධයකින් ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි . . .

Fri Feb 16 , 2024
ජනතා විරෝධයක් හේතුවෙන් මේ වනවිට කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පවතින වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා මේ වනවිට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධය පැවැත්වෙන බව සදහන් වේ. එම මාර්ගයේ ගමනාගමනය අවහිරවීමෙන් කිලෝමීටර් ගණනක මාර්ග තදබදයක් හටගෙන ඇති බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x