කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය. එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන සඳහන් කළේය. රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන […]

කොළඹ මාලිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රුධිර කාන්දුකරණ ඒකකයේ සැත්කම් සිදුකිරීම සම්පුර්ණයෙන්ම නවතා දමා ඇති බව වාර්තා වෙයි. මෙම ඒකකයේ ස්ථාපිතව ඇති වසර දෙකක පමණ කාලයක් අක්‍රීයව ඇති මධ්‍යම වායු සමීකරණ යන්ත්‍රය මෙතෙක් පිළිසකර නොකිරීම හේතුවෙන් වෛද්‍යවරු විසින් මෙම තීරණය ගෙන ඇති […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම ධුරයෙන් ඉවත් කරන තෙක් සිය විරෝධතා ක්‍රියාමාර්ග අත්නොහරින බව එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෝ පවසති. පසුගිය දා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදු කළ ප්‍රකාශවලට එරෙහි ව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත. […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි. පසුගිය දා සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව ඔහු පළ කළ අදහස්වවලට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය. එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලයේ […]

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරිය යොදවා සිටි පොලිස් කොස්තාපල් වරයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි. හොරොවුපතාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම නිලධාරියා පසුගිය තිස් වැනිදා සවස […]

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.  ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළිය. සෞඛ්‍ය […]

කොළොන්නාවේ හෝටලයක දෙවන මහළේ ගින්නක් හට ගෙන තිබේ. ගෑස් පිපීරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට ගින්නෙන් පුද්ගලයෙකු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව […]

සිය බිරිඳ නොපැමිණි නිසා ඊට විරෝධය පා මරදාන දුම්රිය ස්ථානයේ වහලයට නැග සිටි පුද්ගලයෙක් වහලයෙන් බිමට වැටී හිසට තුවාල සිදුවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. අද උදෑසන 10ට පමණ මොහු මරදාන දුම්රිය ස්ථානයේ අංක 05 හා 06 වේදිකාව පිහිටි ප්‍රදේශයේ වහලය මතට නැග තිබේ. ඔහු වහලය මතින් ඉවත් කර […]

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ගේට්ටුව දීර්ඝ කාලයක සිට වසා දැමීම හේතුවෙන් රෝගීහු අසීරුතාවට පත්ව සිටිති. මෙහි රෝගීන්ට පවා ඇතුළු වීමට විවෘතව ඇත්තේ කුඩා ගේට්ටුවක් පමණි. රෝහලට ඇතුළුවන රෝගීන් පරීක්ෂා කර බලා ලියාපදිංචි කර වාට්ටුවලට යොමු කරන්නේද මෙම ගොඩනැගිල්ල තුළය. එහෙත් ඊට ඇතුළු වන ගේට්ටුව වසා […]

වෛද්‍ය සැපයුම් අංශය මගින් කර ඇති එන්නත් වංචාව සම්බන්ධ විමර්ශනයට අදාළව කොළඹ ජාතික රෝහලේ ප්‍රධානියකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇත. ඒ සඳහා මේ වන විටත් නීතිපති උපදෙස් පවා ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සනාථ කළේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ප්‍රධානියා අපරාධ පරීක්ෂණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.