රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි . . .

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය.

එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන සඳහන් කළේය.

රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනි ද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන පැවසුවේය.

ඇතැම් අවස්ථාවලදී ආහාරයට නුසුදුසු මාළු සේවකයන්ගේ ආහාර වේල් සඳහා ආහාර සැපයීම බාර අදාල කොන්ත්‍රාත් සමාගම ලබාදෙන බව වෛද්‍ය බෙල්ලන ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන නමුත් තීරණය ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසාවෙන් රෝහල් බලධාරීන්ට කිසිවක් කළ නොහැකි බව වෛද්‍ය බෙල්ලන පැවසුවේය.

මේ පිළිබඳ කීප වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපි මගින් දැනුවත් කර තිබෙන නමුත් තවමත් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති යැයි වෛද්‍ය බෙල්ලන ප්‍රකාශ කළේය.

රෝහලට ආහාර සපයන අදාල කොන්ත්‍රාත් සමාගම බන්ධනාගාර, හමුදා කඳවුරු සහ රාජ්‍ය ආයතනවලටද ආහාර සපයන බව වෛද්‍ය බෙල්ලන පැවසුවේය.

අදාල කොන්ත්‍රාත් සමාගමට වියළි ආහාර සලාක සඳහා මසකට මිලියන 76ක මුදලක්ද මාළු සඳහා මසකට මිලියන 15ක මුදලක්ද ලබාදෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

  • විමුක්ති එස් රුද්‍රිගු

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් . . .

Tue Apr 16 , 2024
කාන්තා උපත් පාලන කොපු (කාන්තා කොන්ඩම්) භාවිත කිරීමට කාන්තාවන් මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ පවසයි. පවුල් සෞඛ්‍ය සායනවලදි කාන්තාවන් සඳහා උපත් පාලන කොපු වෙනමම නොමිලයේ ලබාදීමට කටයුතු කළද කාන්තාවන් එම උපත් පාලන කොපු ලබාගැනීමක් සිදුනොකරන බව වාර්තා වෙයි. සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ කාන්තාවන් මෙම උපත් පාලන කොපු ලබා ගැනීමට යම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x