කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් . . .

කාන්තා උපත් පාලන කොපු (කාන්තා කොන්ඩම්) භාවිත කිරීමට කාන්තාවන් මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ පවසයි. පවුල් සෞඛ්‍ය සායනවලදි කාන්තාවන් සඳහා උපත් පාලන කොපු වෙනමම නොමිලයේ ලබාදීමට කටයුතු කළද කාන්තාවන් එම උපත් පාලන කොපු ලබාගැනීමක් සිදුනොකරන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය බලධාරින් පවසන්නේ බොහෝ කාන්තාවන් මෙම උපත් පාලන කොපු ලබා ගැනීමට යම් ලැජ්ජාශීලි බවක් දක්වන බවයි. කාන්තා උපත් පාලන කොපු අවස්ථානුකුලව භාවිත කළ හැකි බවත් මේ පිළිබඳව කාන්තාවන් දැනුවත්වීම වැදගත් බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොන්ඩම් යනු උපත් පාලන ක්‍රම (සැලසුම් නොකළ ගැබ් ගැනීම් වැළැක්වීම) සහ එච්.අයි.වී. වැනි ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ බහුලව භාවිත වන ක්‍රමයක් වෙයි. සෑම පුද්ගලයකුම ලිංගිකව එක්වන සෑම අවස්ථාවකම වෙනම කොන්ඩමයක් භාවිත කිරීම වැදගත් වන බවද සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වුවද අධ්‍යයනවලින් පෙනී යන්නේ කොන්ඩම් නිවැරදිව සහ අඛණ්ඩව භාවිත කරන විට ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී. වැළැක්වීම සඳහා 90-95% ඵලදායී බවයි. එසේම ස්ථාවර කොන්ඩම් භාවිතා කරන්නන් HIV ආසාදනය වීමේ සම්භාවිතාව 10-20 ගුණයකින් අඩුය.

  • වරුණි පෙරමුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලෝකයේ රසම අන්නාසි ලංකාවට . . .

Tue Apr 16 , 2024
ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා ලෝක වෙළෙඳපොළේ  විශාල ඉල්ලුමක් පැවතිය ද මේ වන තෙක් එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x