ප්‍රමිතියෙන් තොර ඖෂධ අහිංසක රෝගීන් වෙත ලබාදී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටියි. මෙම සැකකරුවන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධය ජන සංහාර අපරාධ ගණයට අයත් වන […]

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු ඉහළ නිලධාරීන් රැසකගේ වත්කම්, බැරකම් සහ ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ වනවිට අධිකරණයේ විභාග වන බාල ඖෂධ නඩුවේදී අනාවරණය වන තොරතුරු හා වෘත්තීය, සිවිල් සංවිධාන විසින් එම කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිලි අනුව මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. 2016 […]

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපා‍ල සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව සෞඛ්‍ය ලේකම්වරයා සදහන් කළේ ය. විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින […]

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේය. එසේම ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළුද කුණු වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන සඳහන් කළේය. රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන […]

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට ලබාදුන් ප්‍රතිජීවක එන්නතක මතුවූ සංකූලතා මත එම රෝගියා මිය යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මියගොස් තිබේ. මෙම පුද්ගලයාට ඇතිවූ කනේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රාගම ශික්ෂණ රෝහලට ඉකුත් දා ඇතුළත් වී […]

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.  එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බවයි. මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත […]

2025 වසර සඳහා ගෙන්වීමට අවශ්‍ය ඇණවුම් වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙතෙක් ලබා නොදීම නිසා ඇතිවිය හැකි ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයට වග නොකියන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 2025 වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ඇණවුම් පිළිබඳව 2024 වසරේ ජනවාරි මාසය වනවිට වෛද්‍ය සැපයුම් […]

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. aruna

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද (12) පැවැත්විය මෙම  විරෝධය  දිවයින පුරා තෝරාගත් රෝහල්  17 ක් ඉදිරිපිට […]

රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි. එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.