අරලියගහ මන්දිරයේ පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගනී . . .

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරිය යොදවා සිටි පොලිස් කොස්තාපල් වරයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත.

කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හොරොවුපතාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම නිලධාරියා පසුගිය තිස් වැනිදා සවස හයේ සිට නවය දක්වා ඇරළිගහ මන්දිරයේ අංක එක දරණ ගේට්ටුවේ මුරකුටියේ රාජකාරිය යොදවා සිටියදී ඔහු මෙසේ තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගැනීම සිදුකර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියක් කොස්තාපසවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ තම මව මීට මාස හයකට පෙර මියගිය බවත් මවගේ මරණින් පසු පියා ද අවස්ථා කිහිපයක් රෝගීව රෝහල් ගත කළ බවත්ය.

ඒ සමගම පවුලේ අගහිගතා පිළිබඳව සිය එක්කම සහෝදරයා සමග නිතර ආරවුල් ඇතිකර වන බවත් ඒ හේතුවෙන් ඇති වූ මානසික ආතතිය මත තමා විසින්ම වෙඩි තබා ගත් බවත් අදාළ ප්‍රකාශයේ සටහන් කර තිබේ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දිනේෂ්ගෙන් කොකා පෙන්වීමක් . . .

Fri Feb 2 , 2024
රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් හට ඔවුන්ගේ වැටුපෙන් අය කර ගන්නා කුලී පදනම මත ලබාදිය යුතු නිල නිවාස ලබා නොදී කට්ටි පැනීමේ ක්‍රියාමාර්ගයක් රාජ්‍ය පරිපාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන අනුගමනය කරමින් සිටින බව අනාවරණය වේ. කොළඹින් බැහැර ප්‍රදේශවල සිට රාජකාරි කටයුතු සඳහා පැමිණෙන එම නිලධාරීන් හට නවාතැන් ගැනීමේ නිල නිවාස ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x