දුම්රිය පොළ වහලයට නැගි මගියෙක් බිමට වැටේ . . .

සිය බිරිඳ නොපැමිණි නිසා ඊට විරෝධය පා මරදාන දුම්රිය ස්ථානයේ වහලයට නැග සිටි පුද්ගලයෙක් වහලයෙන් බිමට වැටී හිසට තුවාල සිදුවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අද උදෑසන 10ට පමණ මොහු මරදාන දුම්රිය ස්ථානයේ අංක 05 හා 06 වේදිකාව පිහිටි ප්‍රදේශයේ වහලය මතට නැග තිබේ. ඔහු වහලය මතින් ඉවත් කර ගැනීමට මරදාන පොලිසිය හා දුම්රිය ස්ථානයේ කාර්යමණ්ඩලය උත්සාහා කළත් අසාර්ථක වී ඇත.පෙරවරු 11.20ට පමණ ඔහු වහලය මත ඇවිදිමින් සිටියදී සෙවිළි තහඩුවක් කැඩී බිමට වැටී තිබේ.

  • divaina

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ස්කෑන් යන්ත්‍රයේ කොටස් රේගුව නිදහස් කරයි . . .

Tue Dec 5 , 2023
රේගුවේ රදවාගෙන තිබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ඊයේ (4) පස්වරුවේ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ අද (5) ‘ලංකාදීප’යට පැවසීය. සී.ටී. ස්කෑන් යන්ත්‍රයේ කොටස් ආනයනය කළ ආනයනකරු රේගුවට නිකුත් කර තිබූ ලිපි ලේඛණවල අඩුවක් හේතුවෙන් එම අමතර කොටස් රඳවාගෙන තිබූ බව කී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x